රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 6 ආනයන අපනයන රේගුලාසි උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (29) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
කෙසේවෙතත් මෙම ගැටලුව හේතුවෙන් කිසිසේත් මෙරට තුළ කිරිපිටි හිඟයක් ඇති නොවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ආනයනය කරන ලද කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂ 4ක් නියමිත කාලයට නිදහස් කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ඒවා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බවට ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා චෝදනා කළා.
එම සංගමයේ සාමාජිකයෙකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් චෝදනා කළේ රට තුළ යලිත් කිරිපිටි හිඟයක් මතුවීමට ඉඩ හැර ජනතාව අපහසුතාවට පත්කිරීමේ කූට වැඩපිළිවෙලක් මේ හරහා ක්‍රියාත්මක කෙරෙන බවයි.
එල්ලවන චෝදනාවන්ට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදි පිළිතුරු ලබා දුන්නා.