ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට වෙන්න යන දේ මෙන්න !

174 Views
1 Min Read

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ නව සමාගම් 8ක් පිහිටුවීමට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

මේ අනුව ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර නව පනත් කෙටුම්පතක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

විදුලිබල මණ්ඩලය වෙනුවනට මෙම නව සමාගම් අට පිහිටුවීමට අදාළව කමිටු වාර්තාව පසුගිය සතියේ අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙලෙස පිහිටුවන නව සමාගම් 8 අතරට විදුලි ජනනය සඳහා සමාගම් දෙකක්, සම්ප්‍රේෂණයට සමාගම් දෙකක් සහ බෙදා හරිම සඳහා සමාගම් හතරක් වශයෙන් පිහිටුවීමට යෝජිතයි.

ඊට අමතරව මණ්ඩලයේ පවතින සාමාන්‍යධිකාරී තනතුර වෙනුවට මෙම නව සමාගම් 8 සඳහා නිසි බලධාරියෙක් පත් කිරීමට නියමිතයි.

Share This Article
Leave a comment