වායු දූෂණ මට්ටම නැවතත් ඉහළට ! 

189 Views
1 Min Read

ඊයේ (09) දිනයට සාපේක්ෂව අද (10) දිනයේ සමහර ප්‍රදේශවල වායූ දුෂණ මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දක්වා ඇති වාර්තාව සඳහන් වනවා.

ඒ අනුව පුත්තලම, යාපනය, මන්නාරම, බදුල්ල යන ප්‍රදේශ ඊයේ කොළ පැහැති මට්ටමේ තිබුණත් අද දිනය වන විට නැවත කහ පැහැති මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ හා මහනුවර නගරවල හා උතුරු, වයඹ, බස්නාහිර හා උතුරු මැද පළාත්වල, නාගරික ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය විටින් විට තරමක් ඉහළ යාහැකි බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් අද දිනය තුළ වායු දුෂණ තත්ත්වය සාමාන්‍ය මට්ටමක පැවතියත් සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්ත්වයක් නොපෙන්වන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙන්නේ.

Share This Article
Leave a comment