මෙරට ජනතාව වසරේ මුල් මාස 10 තුළ රුපියල් කෝටි විසි දාහක රන් බඩු උකස් කරති!

299 Views
1 Min Read

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ විකල්ප නොමැති මෙරට ජනතාව මේ වසර තුළ ප්‍රධාන පෙළේ බැංකු සහ මූල්‍ය ආයකනවලට පමණක් රුපියල් කෝටි 20,000ක් වටිනා සිය රන් භාණ්ඩ උගසට තබා මුදල් ලබා ගෙන ඇතැයි සමීක්ෂණයකින් හෙළිවෙයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් මේ තත්ත්වය අනාවරණය වී ඇති අතර රන් භාණ්ඩ උකස් කිරීමට වැඩියෙන්ම පෙලඹී ඇත්තේ මධ්‍යම පාන්තික පිරිස් බවද හෙළිව තිබේ.

ඔවුන් අනාවරණය කරගෙන ඇති පරිදි වසරේ මුල් මාස 10 තුළ බලපත්‍රලාභී වානිජ බැංකු 13ක සහ උකස් ආයතන 10ක පමණක් රුපියල් බිලියන 193ක එනම් කෝටි 19300ක රන් භාන්ඩ උගසට තබා ඇති අතර මෙසේ ලබා ගත් මුදල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහ කෘෂිකාර්මික කටයුතුවලට වැඩිපුර යොදා ඇති බවද හෙළිකරගෙන ඇත.

මහාචාර්ය අතුකෝරාළ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තවදුරටත් පවසා අත්තේ ජනතාව දැන් දැන් මෙම ආයතන පමණක් නොව ඊට වඩා වැඩි මුදලක් දෙන බව කියන වෙනත් පෞද්ගලික ආයතන වෙත ගොස් රන් භාණ්ඩ උකස් කිරීමට පෙලඹි ඇති බවයි.

Share This Article
Leave a comment