මූලික බෙහෙතුත් හිඟ රට මළ ගෙයක් නොකර මුව අවරණ පළඳින්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි !

207 Views
1 Min Read

චිනයේ පැතිර යන කොවිඩ් වෛරසය ශ්‍රී ලංකාවට පැමිණීම වැඩි ඈතක් නොවන බැවින් මුව ආවරණ පැළදීම අනිවාර් කර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
යම් හේතුවකින් නැවතත් කොවිඩ් රැල්ලක් මෙරට ඇති වුවහොත් එන්නත් මිලදී ගැනීමක් කිසිවිටකත් සිදුකළ නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

රෝහල්වලට අවශ්‍ය අත්‍යවශ ඖෂධ ලබා ගැනීමට පවා නොහැකි වූ පසුබිමක කොවිඩ් එන්නත් ලබා ගැනීම තියා සිතීමටවත් නොහැකි වී ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.

කොවිඩ් වසංගත නැවත මෙරට තුළ ව්‍යාප්ත වුවහොත් ඇති එක පිළිසරණ මුවආවරණය පමණක් යැයි ද දැන් සිටම මුව ආවරණය පැළද රෝගයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන්නැයි එම ප්‍රකාශකයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පසුගිය කොවිඩ් රැල්ල මර්ධනය සදහා ලෝක බැංකු ණය ආධාර යටතේ මෙරට රෝහල් සංවර්ධනයට ලබා දුන් මුදලින් රුපියල් බිලියන 20ක මුදලක් වැය කර ඇතැයිද පැවසේ

Share This Article
Leave a comment