මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ක්‍රීඩාංගනය මුරකරු ඊයේ (16) රාත්‍රිය සහ අද අළුයම අතර කාලය තුළ එම විද්‍යාලයීය ක්‍රීඩා පරිශ්‍රය තුළ දීම ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ 8 Six Security service පුද්ගලික ආරක්ෂක සේවය විසින් රාජකාරිය සඳහා යොදවා තිබූ අන්නිලාගේ උපුල් සම්පත් නැමැති අවුරුදු 26 ක තරුණයෙකි.
ඔහු ඉලුක්ඕවිට තුම්මෝදර පදිංචිකරුවෙකි.
අත් පා ගැට ගසා ඝාතනය කර තිබූ මෙම තරුණයාගේ සිරුර අද (17) උදෑසන පොලිසිය විසින් සොයාගෙන ඇත.
මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.