නාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස් !

221 Views
1 Min Read

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී “තාරුණ්‍යට හෙටක්” සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල් වලින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීම තුළන් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි මහාධිකරණ විනිසුරුවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බවය.ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් නියෝගයේ සඳහන් වුණි.

නිදහස් කරන ලද සෙසු විත්තිකරුවන් වන්නේ විනිමය හා සුරැකම්පත් කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රහිම් යන අය ද ඇතුළත්ව සිටී.නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් එම නඩුව ගොනුකර තිබුණි

Share This Article
Leave a comment