මුදල් වංචා කළ තවත් මිනිස් ජාවාරම්කරුවෙක්ට වැඩ වරදියි !

261 Views
1 Min Read

තායිලන්තයේ සමාගමක රැකියා දෙන බව පවසා සංචාරක වීසා මත පුද්ගලයන් ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු මේ මස 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා අද (06) සවස නියෝග කෙරුනි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අම්බලන්තොට ,නෝනගම,වැලිපටන්විල පදිංචි කේ.රුවන් පතිරණ නැමති පුද්ගලයෙකි.

සැකකරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයට ලද පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ විමර්ශන ඒකකයේ නිළදාධාරීන් කණ්ඩායමක් විසින් සිදුකල විමර්ශනයක දී සැකකරු අම්බලන්තොට වැලිපටන්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වි ඇත්තේ අත්අඩංගුවට පත් සැකකරු එක් පුදගලයෙකුගෙන් රුපියල් ලකෂ 19ක පමණ මුදලක් ලබාගෙන තායිලන්තයේ සමාගමක රැකියා දෙන බව පසවා තායිලන්තයට රැගෙන ගොස් එතැනින් ලාඕසයට රැගෙන කැඳවාගෙන පැමිණ අතරමංකර දමා පළාවිත් ඇති බවයි. ලාඕසය මියන්මාරය (බුරුමය), චීනය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය යන රටවලට මැදිව පිහිටි පිහිටා ඇති රටකි.

Share This Article
Leave a comment