බලපත්‍ර නොමැති ගිනි අවි හිමි අයට විශේෂ පණිවිඩයක් !

316 Views
1 Min Read

බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට එම ගිනි අවි පොලිසිය වෙත භාරදීම සඳහා සහන කාලයක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
2023 පෙබරවාරි 06 වැනි දින නිකුත් කරන ලද අංක 2318/02 දරන රජයේ ගැසට් පත්‍රය අනුව 2023 පෙබරවාරි 06 සිට 2023 පෙබරවාරි 15 ​​දක්වා සහන කාලය ප්‍රකාශයට පත් කර ඇත.

එම සහන කාලය තුළ බලපත්‍රයක් නොමැතිව ළඟ තබාගෙන සිටින සියලුම තුවක්කු ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

“සහන කාලසීමාව තුළ එවැනි බලපත්‍ර රහිත තුවක්කු භාර දෙන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන්නේ නෑ… එම කාලසීමාව අවසන් වූ පසු බලපත්‍ර නොමැතිව තුවක්කු ළඟ තබාගෙන සිටින පුද්ගලයින් සොයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා…” ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

බලපත්‍ර නොමැතිව තුවක්කු ළඟ තබාගෙන සිටින සියලු දෙනාට අත්අඩංගුවට ගැනීමෙන් සහ නඩු පැවරීමෙන් වැළකීම සඳහා මෙම සහන කාලය භාවිතා කරන ලෙස රජය ඉල්ලා සිටී.

Share This Article
Leave a comment