බොරැල්ල පොලිස් වසමේ, බේස්ලයින් මාවත, හල්ගහකුඹුර ප්‍රදේශයේදී ඊයේ (පෙබ. 13) රාත්‍රී සිදු වූ වෙඩි වැදීමකින් කාන්තාවක ජීවිතක්ෂට පත් වී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, යුද්ධ හමුදා සෙබළුන් දෙදෙනෙකු, සැකකරුවෙකු සිය භාරයට ගැනීමට යාමේදී ගිනි අවිය ක්‍රියාත්මක වී එම ස්ථානයේ සිටි කාන්තාවක තුවාල ලබා ඇති බව ය.
පසුව ඇය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 25ක හල්ගහකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය පැවසීය.
එම වෙඩි තැබීම සම්බන්ධයෙන් අදාළ යුද්ධ හමුදා සෙබළුන් දෙදෙනා බොරැල්ල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…