පසුගිය පැය 24 තුළ ලොව පුරා ස්ථාන 32ක භූ කම්පන !

285 Views
1 Min Read

පසුගිය පැය 24 තුළ ලොවපුරා ස්ථාන 32ක මැග්නිටියුඩ් ඒකක 2.5ට වැඩි ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පන තත්ත්වයන් වාර්තා වූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ වෙබ් අඩවිය තහවුරු කරයි.

එම භූ කම්පන අතුරින් මැග්නිටියුඩ් ඒකක 6.1 ක වැඩිම ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය වාර්තා වි ඇත්තේ පිලිපීනයෙනි.

ඉන් සිදු වූ දේපොළ හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත. ඊට අමතරව මැග්නිටියුඩ් ඒකක 5ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන බොලිවියා නවසීලන්තය, ඇලස්කා, කොලොම්බියා, ටොංගා ඇතුළු රටවල් කිහිපයක් ආශ්‍රිතවය.

දරුණු ඛේදවාචකයට මුහුණ දුන් තුර්කියෙන් ද පසුගිය පැය 24 තුළ මැග්නිටියුඩ් ඒකක 4.6 ක භූ කම්පනයක් වාර්තා වී ඇත.

Share This Article
Leave a comment