දියවැඩියා ඖෂධ හිඟය නිසා අසාධ්‍ය තත්ත්වයෙන් රෝගීන් වාර්තාවීම ඉහළට !

1 Min Read

දියවැඩියා ඖෂධ හෝ එන්නත් නිසි මාත්‍රාවන්ගෙන් ලබා නොගැනීම හේතුවෙන් ප්‍රදේශයේ  දියවැඩියා රෝගීන්‌ගෙන් සියයට 80ක් පමණ දෙනාගේ රුධිරයේ සීනි මට්ටම පාලනය නොවි  සිඝ්‍රයෙන් ඉහළ යාමට පටන්ගෙන ඇතැයි බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කරයි.

මේ හේතුවන් හෘදයාබාධ ඇතිවීම, රුධිර පීඩනය ඇතිවීම හෝ ඉහළයාම , අක්ෂි ආබාධ, තුවාල සුව නොවී පැවතීම, වකුගඩු අකර්මණ්‍ය වීම වැනි රෝග තත්ත්වයන් බොහෝමයක් ඇතිවීම හා තිබෙන රෝග වැඩිවීමක් සිදුව  ඇතැයි වෛද්‍ය රාජපක්ෂ පෙන්වාදේ.

දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඖෂධ රෝහල් තුළ නොමැති විම හා තිබුණද එය ප්‍රමාණවත් නොවීම වැනි හේතු මත රෝගය මෙසේ ඉහළ යන බව හෙතෙම ‌පෙන්වා දේ.

විශේෂයෙන්ම රෝගීන්ට මාස දෙකකට ලැබිය යුතු ඖෂධ ලැබෙන්නේ මාසයකට පමණක් බැවින් ඉතිරි මාසයට රෝගියා ඖෂධ පිටතින් ගැනීමට වත්කමක් නොමැති නම් ඔහු මසට ලබාදෙන ඖෂධ නියමිත මාත්‍රාවන්ගෙන් ලබානොගෙන අඩු මාත්‍රාවන්ගෙන් ලබා ගැනීමට පෙළඹෙන බවත් මෙහි ප්‍රතිපලය වන්නේ රෝගියාගේ රෝගය සුව විම හෝ පාලනය වීම නොව තවත් වර්ධනය වීම බවත් වෛද්‍යවරයා පෙන්වාදේ.

මෙම තත්ත්වය හේතුවෙන් රෝහල්වල බෝනොවන රෝගීන්ගෙන් වාට්ටු පිරී යමින් පවතින බව ද හෙතෙම පෙන්වාදේ.

Share This Article
Leave a Comment