හෙට වැඩවර්ජන‍ය ගැන පෞද්ගලික බස් සංගම්වල තීරණය මෙන්න !

291 Views
1 Min Read

රටේ මගී ප්‍රවාහන පද්ධතිය අඩපණ කිරීමට පෞද්ගලික බස් සංගම් ඉඩ නොතබන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ හෙට දිනයේ දුම්රිය වර්ජනය කරන්නේ නම් අතිරේක බස් රථ පවා ධාවනයට එක් කිරීමට සිය සංගමය සූදානම් බවය.

“පෞද්ගලික බස් රථ හෙට දිනයේ සුපුරුදු පරිදි ධාවනය කරනවා. වෘත්තීය සංගම් කිහිපයක් හෙට දිනයේ වැඩවර්ජන කරනවා රට අඩපණ කිරීම සඳහා.”

“අපි මේ රට අඩපණ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙම වර්ජන හරහා කරන්න යන්නේ IMF වැඩසටහන කඩාකප්පල් කරන්න.”

“දුම්රිය වර්ජනයක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. අපි කියනවා..තව දින කිහිපයක්ම වර්ජනය කරන්න. ඒක අපිට හොඳයි. අතිරේක බස් රථත් අපි යොදවනවා. ලංකාව පුරාම අපේ බස් රථ 13,000ක් 15,000ක ප්‍රමාණයක් හෙට දිනයේ ධාවනය කරනවා.”

වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති හෙට (15) දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානමින් සිටී.

මෙවන් පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (14) දෙවන දිනටත් පළාත් 05ක සියලු රජයේ රෝහල්වල වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.

Share This Article
Leave a comment