ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට එරෙහිව ඊයේ (18) යාපනයේ විරෝධතාවක් පැවති බව වාර්තා වනවා.
යාපනයේ නාවක්කුලි සමිද්ධි සුමන විහාරයේ සංවිධානය කළ ආගමික වැඩ සටහනක් සඳහා භික්ෂුන් වන්හන්සේල 128 ක් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා පැමිණි අවස්ථාවේදී එම විරෝධය එල්ල වී තිබෙන බව සඳහන්.
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු හා යාපනයේ ස්වේච්ඡා සංවිධානවල කිහිපදෙනෙකු මෙම විරෝධතාව සඳහා සහභාගී වූ බවට වාර්තා වෙනවා.
විරෝධතාකරුවන් පුවරු ප්‍රදර්ශනය කරමින් පවසා ඇත්තේ, ජාතිවාදය හා දේශපාලනය කරපින්නා ගෙන කටයුතු කරන, දෙමළ ජන සංහාරයට සම්බන්ධ හමුදා නිලධාරියෙකු යාපනයේ බෞද්ධ උරුමයන් ස්ථාපිත කිරීම සඳහා නොපැමිණිය යුතු බවයි.
කෙසේ නමුත් පොලිසිය හා හමුදාව එක්ව විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් පසුව යාපනය නාවක්කුලි සමිද්ධි සුමන විහාරයේ ආගමික උත්සවය සිදු කර තිබෙනවා.