කුඩා සාමනේර නමට වසර 3ක් තිස්සේ ලිංගික අතවර කළ විහාරාධිපති චීවර ධාරියා පන්සලෙන් පලා යයි !

742 Views
1 Min Read

බාලවයස්කාර සාමනේර හිමි නමකට ලිංගික අතවර කල විහාරාධිපති චීවරධාරියෙක් ඇතුළු චීවරධාරීන් තිදෙනෙක් විහාරස්ථානයෙන් පලාගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි.
මෙම විහාරාධිපති චීවරධාරියා සහ අනෙක් චීවරධාරීන් දෙදෙනා මෙම බාලවයස්කාර සාමානේර හිමි නමකට වසර තුනක් මුළුල්ලේ බරපතළ ලිංගික අතවර කර ඇති බව හෙළි වී ඇතැයි විමර්ශන අංශ විසින් හෙළි කරයි.

පයාගල ගොරකදෙණිය විහාරස්ථානයක වැඩවසන සමනේර හිමි නමක් සහ උන් වහන්සේගේ මව විසින් කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි .

සාමනේර හිමි නමට 2021 වර්ෂයේ සිට විහාරාධිපති චිවරධාරියා සහ තවත් චිවරධාරින් දෙපළක් සිය කාමර වලදී වරින්වර බරපතළ ලිංගික අතවර සිදුකළ බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කීය.

අතවරයට පත් සමනේර හිමි වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයක් පැවසීය .

පොලිසිය විහාරස්ථානයට ගොස් පරීක්ෂණ සිදුකර ඇති අතර විහාරාධිපති චීවරධාරියා සහ චෝදනා එල්ලවී ඇති චීවරධාරීන් දෙදෙනා පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය සදහන් කරයි.

Share This Article
Leave a comment