ජාත්‍යන්තර කම්කරු දිනයේදී පෙරටුගාමීන්ගෙන් යෝජනාවලියක් !

221 Views
4 Min Read

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2023 ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් අද දින නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ පවත්වන කම්කරු දින රැලියේදී ඉදිරිපත් කළ යෝජනා පහත සටහන් වේ

  1. ලංකාව ඇද වැටුණු ණය අර්බුදය සහ විදේශ විනිමය අර්බුදය දඩමීමා කරගෙන විස්තීරණ ණය පහසුකමක් දෙන මුවාවෙන් ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති කොන්දේසි වලට ආර්ථික අර්බුදය උග‍්‍ර වීම, ජනතාව මත අධික බදු බරක් පටවා ධන කුවේරයන් නිදහස් කිරීම, කම්කරු නීති කප්පාදු කිරීම, රාජ්‍ය ව්‍යවසායන් සහ මහජන දේපල විකුණා දැමීම, ඉඩම් වෙළඳ භාණ්ඩකරණය, සමාජ ආරක්ෂණ සේවාවන් පෞද්ගලීකරණය, බලශක්තිය පිරිවැය ගැලපුම් ක‍්‍රමයකට යටත් කිරීම හරහා ගාස්තු ඉහල නැංවීම, ආර්ථිකය හකුළුවන පොලී අනුපාතික ඉහල දැමීමේ තීරණ ආදිය අන්තර්ගතව ඇති හෙයින්ද ඒවා වැඩකරන ජනතාවගේ ජීවිත බිඳ දැමීම ඉලක්ක කරගෙන නිර්මාණය කර ඇති බැවින්ද පාර්ලිමේන්තුවේ මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම අනුමත වීම නොසලකා මෙම අධිරාජ්‍යවාදී මූල්‍ය කොන්දේසි පරාජය කිරීම සඳහා සියලූ බලවේගවල ඒකාබද්ධ ක‍්‍රියාකාරීත්වයක් කැඳවුම් කළ යුතු බව මෙම අභිමානවත් කම්කරු දින රැලිය යෝජනා කර සිටී.
  2. පසුගිය වසරේ ජන අරගලය විසින් හිටපු ජනාධිපතිවරයා පමණක් නොව වත්මන් පාර්ලිමේන්තුවද ප‍්‍රතික්ෂේප කරන ලද තත්වයක් තුළ අනුප‍්‍රාප්තික ජනාධිපතිවරයාට මෙන්ම පාර්ලිමේන්තුව ප‍්‍රමුඛ නියෝජන ව්‍යුහයන්ටද ජන වරමක් හෝ සමාජ අනුමැතියක් නැති බව අවධාරණය කරන මෙම කම්කරු දින රැුලිය අමාත්‍යධුර සහ මුදල් ඇතුළු විවිධ අල්ලස් මතද, පටු දේශපාලන බල සූදුවල අභිලාෂයන් මතද සිදුවන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පිල් මාරු විසින් පාර්ලිමේන්තු නියෝජනය විසින් සමාජ මතය විකෘති කරන තත්වය සැලකිල්ලට ගෙන ජනතා අභිලාෂයන් තෘප්ත කරනුවස් පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් ගොඩ නැගීමේ අරමුණ පෙරදැරිව පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩ නගන ලෙස යෝජනා කර සිටී.
  3. ඉන්දියානු සාගරය තුළ දේශපාලන-ආර්ථික-මිලිටරි- නාවුක බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් අධිරාජ්‍යවාදීන් සහ ලෝක බලවතුන්ද කලාපීය බලවතුන්ද අතර දියත් වන බලපොරය විනාශකාරී ලෝක යුද්ධයක් දක්වා පවා වර්ධනය වීමේ අවදානම සැලකිල්ලට ගන්නා මෙම කම්කරු දින රැලිය එවන් විනාශකාරී මිලිටරි ගැටුමක විවිධ කඳවුරු සිය මිලිටරි උවමනාවන් වෙනුවෙන් ලංකාවේ භුමියේ ඇති උපායමාර්ගික වැදගත්කම අවභාවිතා කිරීමේ අරමුණෙන් සිදුකරන සකලාකාර මැදිහත්වීම්ද, සම්පත් අත්පත් කර ගැනීම්ද, යුද ගිවිසුම් අත්සන් කිරීම්ද, මිලිටරි යටිතල පහසුකම් වර්ධනය කිරීම්ද කෙරෙහි බරපතල අවදානම ගණන් බලමින් එකී සියලූ මැදිහත්වීම් සහ බලහත්කාරයන් පමණක් නොව ඒවාට ඉඩදී ලංකාවේ ජනතාව විනාශකාරී යුද්ධයක ගොදුරු බවට පත් වීමට මග සකසන දේශීය පාලක පන්තියේ බෙලහීන භාවයද අභියෝගයට ලක් කරන ජාත්‍යන්තර සහ කලාපීය පදනමේ අධිරාජ්‍යවිරෝධී සහයෝගීතාවයක් සඳහා පියවර තැබිය යුතු බව යෝජනා කර සිටී.
  4. රාජ්‍ය රහස් පනත භාවිතකර කොළඹ නගරයේ රැස්වීම් තහනම් කිරීම- පොලිස් ආඥා පනත භාවිතා කර පෙළපාළි තහනම් කිරීම-ජන අරගල මැඞීමට ත‍්‍රස්තවාදී නීති භාවිතා කිරීම – අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම වැනි පවතින නීති අවභාවිතා කිරීම්වල වේශයෙන්ද, සාමකාමී උද්ඝෝෂණ වලට පහරදීම – අනීතික අත්අඩංගුවට ගැනීම්, මැතිවරණ අවලංගු කිරීම් වැනි පවතින නීතිය උල්ලංඝනය කිරීම් වල වේශයෙන්ද, ජාතික බුද්ධි සේවා පනත – ත‍්‍රස්ත විරො ්ධී පනත – පුනරුත්ථාපන කාර්යාංශ පනත ආදී වශයෙන් නව මර්දනීය නීති පැනවීමේ වේශයෙන්ද රනිල්-රාජපක්ෂ කල්ලිය විසින් ජනතාවට එරෙහිව එල්ල කර තිබෙන විවිධාකාර මර්දන උත්සාහයන් දැඩි පිළිකුලෙන් හෙලා දකින මෙම කම්කරු දින රැලිය මර්දනයට එරෙහිව සියලූ ක්ෂේත‍්‍රවල බලවේග දේශපාලන බෙදීම් නොතකා සමගි කරන මර්දනයට එරෙහි ඒකාබද්ධ ක‍්‍රියාකාරීත්වයක් යෝජනා කර සිටී.
  5. ජාතික පීඩනය සහ ජාතිවාදය එලෙසින්ම පවත්වාගෙන යන අතරම, විවිධ ජාතික හා ආගමික ජන කොටස් අතර සමානාත්මතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මත පදනම් වූ විසඳුමක් නිර්මාණය කිරීමට බාධා කරන අතරම, පවතින ජාතික-ආගමික සංකීර්ණතා සිය දේශපාලන බල න්‍යායපත‍්‍රයට අනුව කළමනාකරණය කිරීමේ සමාජ විරෝධී භාවිතය අඛණ ්ඩව පවත්වාගෙන යාමේ පාලක පන්තියේ පිළිකුල්සහගත ක‍්‍රියාකාරීත්වය කෙරෙහි සමාජ අවධානය යොමු කරන මෙම කම්කරු දින රැලිය ජාතික ප‍්‍රශ්නයට සෑම ක්ෂේත‍්‍රයක්ම ආවරණය කරගත් සාධාරණ විසඳුමක් සම්පාදනය කිරීම සඳහාද ජාතික ප‍්‍රශ්නය දේශපාලන බල සූදුවේ ගොදුරක් කර ගැනීම වැලැක්වීම සඳහාද සක‍්‍රියව මැදිහත් වන ලෙස කම්කරුවන්, ගොවීන් ඇතුළු වැඩකරන ජනතාව ප‍්‍රමුඛ සියලූ පීඩිත ජනතාවන්ටත්, ප‍්‍රගතිශීලීන්ට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ටත් යෝජනා කර සිටී.
Share This Article
Leave a comment