ඉම්රාන් ඛාන් එළියට !

283 Views
3 Min Read
ඉම්රාන් ඛාන්

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඔහුව දැඩි ආරක්ෂාවක් යටතේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැයක කාලයක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගේ අවසරයකින් තොරව අධිකරණ පරිශ්‍රය තුළදී ඔහුව අත්අඩංගුවට ගත් බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය ලබා දී තිබේ.

පාකිස්ථාන ජාතික ඉම්රාන් ඛාන් දේශපාලනයට පිවිසීමට පෙර ඔහු ලෝකයේම ආදරය දිනාගත්තේ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසටය.

ක්‍රිකට් ලෝකයේ පෙරළිකාර කණ්ඩායමක් වූ පාකිස්තානය වෙත ලෝක කුසලානය ගෙන ආවේ එකළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙනි.

ඒ වර්ෂ 1992දීය.

වංචා දූෂණ චෝදනා හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගිය අගහරුවාදා දිනයේ අත්අඩංගුවට ගැනීමත් සමග එරට පුරා විරෝධතා ආරම්භ විය.

මේ අතර මෙම තත්ත්වය හමුවේ ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ පුවත වාර්තා වීමත් සමඟ එරටින් බිහිවූ සුපිරි ක්‍රිකට් තරු ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රතිචාර දක්වමින් සිටී.අදාළ ප්‍රතිචාර හරහා ඔවුන් සිය කම්පාව විරෝධය මෙන්ම සිය හිටපු ක්‍රිකට් නායකයාට සහාය පළකරමින් තිබීමද විශේෂත්වයකි.

පාකිස්තානයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ වකාර් යුනිස් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව තබා තිබුණේ මෙවන් සටහනකි.

“නායකයාණෙනි අප ඔබ පිටුපසින්, යුක්තිය අවසානයේ නිදහස සහ වැඩි බලයක් ඔබට හිමිකර දේවි. අපේ නායකයා සහ නිදහස ආරක්ෂා කරමු”

මේ අතර මේ පිළිබඳව අදහස් දක්වමින් රාවල්පින්ඩි එක්ස්ප්‍රස් යන නාමයෙන් හඳුන්වන ෂොයිබ් අක්තාර් තැබුවේ මෙවන් සටහනකි.”

පාකිස්තානය වෙනුවෙන් කළ සේවාව සහ තුවාල ලබා සිටින අයෙකු බව සැලකූ විට අපේ ජාතික වීරයෙකු වන ඔහු මේ ආකාරයෙන් පීඩාවට ලක්කිරීම හද සසල කරවන දර්ශනයක්, අප මේ යන්නේ කොයිබට ද ? කරුණාකර අපේ ජාතික වීරයෙකුට මීට වඩා ගෞරවයක් දක්වන්න.”

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්තානයේ පැවති විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර පැවැති ගැටුම්වලින් විරෝධතාකරුවන් දස දෙනෙකු මියගොස් ඇති බවය.

එමෙන්ම විරෝධතාකරුවන් 1750 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද සඳහන් වෙයි.

වංචා දූෂණ චෝදනා හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගිය අගහරුවාදා දිනයේ අත්අඩංගුවට ගැනීමත් සමග එරට පුරා විරෝධතා ආරම්භ වුණි.

විදෙස් මාධ්‍ය වාර් තා කළේ විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 1400ක පමණ පිරිසක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

Share This Article
Leave a comment