කොස්ලන්දේ සිදුවීමෙන් පසු කෑම්පින් යන අයට නීති රීති !

1 Min Read

වනගත ප්රදේශවල කඳවුරු බැඳීමේදී ඒ සඳහා අවසර ලබා දී ඇති ස්ථානවලට පමණක් යොමු වන ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සඳහා පිළිගත් සංචාරක මග පෙන්වන්නන්ගේ සහාය ද ලබාගත යුතු බවයි එහි සභාපති ප්රියන්ත ප්රනාන්දු මහතා පවසන්නේ.

පසුගියදා කොස්ලන්ද උඩ දියලුම ප්රදේශයේ කඳවුරු බැඳ සිටි යුවලක් වන අලි ප්රහාරයකට ලක්ව අවාසනාවන්ත ලෙස තරුණියක් මිය යාම සම්බන්ධව අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දෙන්නේ දෙස් විදෙස් සංචාරකයින් සඳහා කඳවුරුබිම් පවත්වාගෙන යන සියළුම ආයතන විධිමත් ලෙස නියාමනය කිරීමට නම් ඒවා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීම අත්යවශ්ය වන බවයි.

Share This Article
Leave a Comment