ලොව රටවල් කිහිපයකම පවතින පාලනයන් බිද වැ‌ටෙන ලකුණු !

355 Views
1 Min Read

මේ වනවිට ලොව රටවල් කිහිපය ජාතික මැතිවරණ පැවැත්වෙන අතර එහි ප්‍රතිපලවලට අනුව පවතින පාලනයන් බිද වැ‌ටෙන ලකුණු මේ වනවිට පහළ කොට තිබේ.
තුර්කියේ ජනාධිපතිවරණයේ ප්‍රතිපල මේ වනවිට ප්‍රකාශයට පත්කෙරෙමින් පවතින අතර දැනට නිකුත් වී ඇති ප්‍රතිපලවලින් වසර 20ක් බලයේ සිටි හිටපු ජනාධිපති එර්දෝගන් මහතා 50%ක බහුතරය ලබා ගැනීම අසමත්ව ඇත.
එර්දෝගන් මහතා 2003 තුර්කියේ අගමැතිවරයා වශයෙන් තේරී පත්වූ අතර 2014 සිට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි.
ඔහුගේ ප්‍රතිවාදියා වූ ක්ලික්ඩරෝග්ලු මේ වනවිට 45% ඉක්මවා යන ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.
මීට අමතරව පසුගිය ඉරිදා පැවැති තායිලන්ත මැතිවරණයෙන් 2014 සිට හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට වඩා විපක්ෂය නියෝජනය කරන පක්ෂ බහුතර බලය ලබා ගැනීමට සමත්ව ඇත.
පැවති හමුදා ආණ්ඩුව පසුගිය කාලය පුරාම හමුදා සහ පොලිස් බලය ඉදිරියට ගෙන දැඩි පාලනයක් රට ඇතුළේ ගෙන ගියේය.
ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ ජනතාව හමුදා ආණ්ඩුව කෙරෙහි ඇති කෝපය මැතිවරණ ප්‍රතිපලවලින් දැකගන්නට ලැබී ඇති බවකි.
එමෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ භාරතීය ජනතා පක්ෂය පරාජයට පත් කරමින් විපක්ෂයේ කොංග්‍රසය නියෝනය කරන රාහුල් ගාන්ධි කර්ණාටක ප්‍රාන්තයේ බලය අත්පත් කරගැනීමට සමත් වීමද විශේෂ සිදුවීමකි.

Share This Article
Leave a comment