සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳ විශේෂ දැනුම්දීමක් !

444 Views
1 Min Read
O/L

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම මෙම මස 23 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් වරයා පවසයි.
23 වනදා සිට විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, පන්ති මෙහෙයවීම හා විෂ‍යානු බද්ධ දේශන, සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
විභාග කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කළේ 23 වැනිදා සිට අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍ර වල අනුමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කිරීමද සම්පූර්ණයෙන් තහනම් බවයි.

යම් පුද්ගලයෙකු අදාළ නියෝග කඩ කරමින් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධ‍යෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි ඔහු තව දුරටත් සඳහන් කළේ.
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා සිට ජුනි මස 08 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568ක දී පැවැත්වීමට නියමිතයි.

Share This Article
Leave a comment