13 හැවිරිදි දරුවෙකුගේ අත්ල පිලිස්සුණු උඩිවිල ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිගේ අපූරු ගුරුකම් !

1 Min Read

රහ අපල දුරු කිරීම සඳහා 13 හැවිරිදි පිරිමි දරුවෙකුගේ දකුණු අත්ලමත දැල්වෙන කපුරු තබා පුළුස්සා බරපතළ පිළිස්සුම් තුවාල සිදු කළ හිමිනමක් නමක් වීරවිල පොලිසිය විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩිවිල ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය දරන තෙලිජ්ජවිල සරණ නැමැති භික්ෂුවකි.

තුවාල ලබා ඇත්තේ වීරවිල කුඩා ගම්මන ප්‍රදේශයේ පදිංචි, වීරවිල නව නගරයේ පාසලක ඉගෙනුම ලබන දරුවෙක් බව පොලිසිය කියයි.

දෙමව්පියන් විසින් අතහැර දමා ගොස් ඇති පිරිමි දරුවා මිත්තණිය සමඟ ජීවත් වන බව පොලිසිය පවසයි. පරීක්‍ෂණවලදී හෙළිවූයේ මිත්තනිය විසින් පිරිමි ළමයාගේ කේන්දරය බැලිම සඳහා අසල පිහිටි වීරවිල ගංගාරාම රාම විහාරස්ථානයේ ජ්‍යොතිෂ්‍යවේදියකු හා යක්ෂ බල පළවා හරින්නේකු බව කියන භික්ෂුව වෙත දරුවා රැගෙන ගොස් ඇති බවයි.

කේන්දරය බැලූ භික්‍ෂූව ආගමික වතාවත් සිදු කර, ග්‍රහ අපල දුරු කිරීමට අවශ්‍ය බව පවසමින් දරුවාගේ දකුණු අත්ල මත තබා කපුරු දවා ඇත.

ග්‍රහ අපල දුරුවීම කෙසේ වෙතත්, බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ දරුවා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Share This Article
Leave a Comment