මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම වෙනුවෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
කොළඹ අද (19) පැවැති මාධ්‍ය මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළා.
ඔහු කියා සිටයේ රජයේ මෙම තීරණය ස්වාධීන කොමිෂන් සභාවලට විරුද්ධව ගනු ලබන ක්‍රියා මාර්ගයක් ලෙස සළකා මෙයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බවයි.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවේ ඔහු විසින් කරන ලද වැරදි ලෙස හඳුන්වා ඇත්තේ පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ඒ හැර අන් කිසිඳු වංචා දුෂණ චෝදනාවක් ඔහුට එල්ල වී නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
දේශීය සහ ජාත්‍යන්තර බලපෑම හේතුවෙන් 21 වන සංශෝධනය යටතේ නැවත වරක් ස්වාධීන කොමිෂන් සභාවලට නිදහස ව්‍යවස්ථාව අනුව ලැබුනත් මේ ආණ්ඩුව යටතේ තිරය පිටුපස ස්වාධීන කොමිෂන් සභාවලට විශාල බලපෑම් කරන බවට පෙනී යන බව ඔහු වැඩිදුරටත් පවසනවා.