බිත්තර ආනයනය වැඩි කරයි !

381 Views
1 Min Read

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමේ අරමුණින් එරට කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා නියෝජිතයන් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියි.
මේ වන විට ඉන්දියාවේ කුකුළු ගොවිපොළ තුනකින් මෙරටට බිත්තර ආනයනය සිදුකරන අතර එම ප්‍රමාණය, ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව ගොවිපොළ කිහිපයක් හඳුනාගැනීම මෙම සංචාරයේ අරමුණ බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

ඒ අනුව සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. .

නිලධාරීන් විසින් ඉන්දියාවේ චෙන්නාහි පිහිටි කුකුළු ගොවිපොළ කිහිපයක් පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ලබන ඉරිදා මෙරටට පැමිණීමට නියමිතය.

ඉදිරියේදී දෛනිකව බිත්තර මිලියනයක් පමණ මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

Share This Article
Leave a comment