පාසල් බෑග් සහ සපත්තු මිල පහළට – මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් !

333 Views
1 Min Read

ජුලි මස 15වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් එකඟතාවය පළ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව 10% කින් එම මිල සංශෝධනය සිදුකිරීමට ඔවුන් එකඟතාවය පළ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකඟතාව පළ වු බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල රුපියල් 350ත් 450ත් අතර මිලකින් පහළ යනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පවතින වෙඳෙළපොළ තත්ත්වයන් හා ඩොලරයේ මිල අනුව ඉදිරියේ දී තව දුරටත් මිල අඩුකිරීම පිළිබඳව නිෂ්පාදකයින් සමග සාකච්ඡා කර සලකා බලන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේය.

Share This Article
Leave a comment