LPL තරග පවා දෙන්න හැදු කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ඩෙවොන් තෝමස්ට තරඟ තහනම් කෙරේ !

274 Views
1 Min Read

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ඩෙවොන් තෝමස්ට එරෙහිව දුෂණ චෝදනා ගොනු කරන්නට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ඩෙවොන් තෝමස්ට එරෙහිව දුෂණ චෝදනා ගොනු කරන්නට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට්, කැරබියන් ප්‍රිමියර් ලීගය සහ එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දුෂණ මර්ධන සංග්‍රහයන්හි වගන්ති 7ක් උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඒ අනුව ඔහුට එරෙහිව තවකාලික ක්‍රිකට් තහනමක් පනවන්නට ICC ය පියවර ගෙන තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩක ඩෙවොන් තෝමස්ට මැයි 23 වැනිදා සිට දින 14ක කාලයක් එම චෝදනා සමබන්ධයෙන් පිළිතුරු ලබා දීමට කටයුතු කරන බව ICCය සඳහන් කළා.

ඔහුට එල්ල වී ඇති බරපතලම චෝදනාව ලෙස ඔවුන් සඳහන් කරන්නේ 2021 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේදී තරග පවා දීමට උත්සහා කළ බවට වන චෝදනාවයි.

Share This Article
Leave a comment