ජනපති රනිල්ගෙන් සුබ ආරංචියක්!

439 Views
1 Min Read
president

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ අදාළ සාකච්ඡා සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාලසීමාවේදී නිම වෙතැයි බලාපොරොත්තු වන බවය. 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් පසුගිය මාර්තු මාසයේදී ලබාගත් අතර ඒ අනුව සැප්තැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය සැකසිය යුතුය.

එසේ නොවුණහොත් ආර්ථිකය නැවතත් යථාතත්ත්වයට පත්වීම පමාවිය හැකි බව විචාරකයෝ පවසති. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පවසා ඇත්තේ ජපාන අගමැති ෆුමියෝ කිශිදා සමග අදහස් හුවමාරුවක් සඳහා සූදානම් වෙමිනි.

ඒ ටෝකියෝ නුවර පිහිටි ජපාන අගමැතිවරයාගේ කාර්යාලයේදී ‍යි.

“ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා හොඳින් ඉදිරියට යනවා,” ජනාධිපතිවරයා පැවසීය.

Share This Article
Leave a comment