ඊයේ දිනයේඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව තිබුණ ද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එය අත්හැර දැමීමට සිදුවුණි.එම නිසා එය අද පැවැත්වීමට නියමිතය.
චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව තිබේ.ඒ අනුව අද පස්වරු 7.30 තරගය අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිතය.
මෙවර IPL ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් පිරිනැමෙන අතර එහි වටිනාකම ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි 70කට අධිකය.
අනුශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලක් පිරිනැමෙන අතර එහි වටිනාකම ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි 45කට අධිකය.