බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයාගේ සහෝදරයා ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.
ඔහු අද (30) දඹුල්ල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.
අදාළ සැකකරු දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලකවරයෙකු ලෙසද කටයුතු කරන්නෙක් බව වාර්තා වෙයි.
අවුරුදු 12ක බාලවයස්කාර පිරිමි දරුවෙකුට අපයෝජනයක් සිදුකළ බවට චෝදනා පිට ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (29) එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිසියට භාරවීමෙන් පසුවය.
ළමා ආරක්ෂක අධිකාරියේ දැනුම්දීම පරිදි දඹුල්ල පොලීසිය පසුගිය දින කිහිපයේ අවස්ථා ගණනාවක සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිවසට සහ වැඩ පරිශ්රයට ගොස් තිබුණද ඔහු ප්රදේශයෙන් පළාගොස් සැඟවී සිටි බව පොලීසිය සඳහන් කළේය.