මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුවට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් !

383 Views
0 Min Read

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද(12) පත් කළා.

සැකකරුවන් 42 දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුව නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

මෙම නඩුව ජුනි 19 වනදා ගම්පහ මහාධිකරණය හමුවේ යලිත් කැදවීමට නියමිතයි.

Share This Article
Leave a comment