ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මානව සම්පත් සංවර්ධන අධ්යක්ෂවරයා මෙන්ම ජන සතු සේවා ක්‍රිකට් සමාජයේ සභාපති ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරන නලීන් අපොන්සෝ ගේ නිවසට පැන මුදලින් රුපියල් පනස් හත් ලක්ෂ පනස් හත් දාහක්, ඇමරිකානු ඩොලර් දස දහස් හාරසියයක් සහ රන් භාණ්ඩ කොල්ල කෑ අපරාධකරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට පොලිසිය මාධ්‍යය වෙත නිකුත් කර තිබේ.
නලීන් අපොන්සෝ ගේ බොරලැස්ගමුව කටුවාවල මාවත, පළමු පටුමගේ පිහිටි නිවසට කඩා වැදී පසුගිය 12 වැනිදා සිදුකළ බව කියන මෙම අපරාධය සම්බන්ධව බොරලැස්ගමුව පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත උක්ත විමර්ශන ආරම්භ කර තිබිණි.
කොල්ල කෑ සම්පූර්ණ වත්කම්වල වටිනාකම එක් කෝටි හත් ලක්ෂ හත් දහස් අටසීයක් බවද පොලිිසිය කියයි.
පෙරේදා (12) දහවල් මෙම කොල්ලය සිදුකර ඇති අතර ඒ අවස්ථාවේ දි නිවසේ සිට ඇත්තේ සේවිකාවක් පමණක් බවත් සේවිකාව බිය ගන්වා මෙම මුදල් හා රන් භාණ්ඩ තැන්පත් කර තිබුණු කුඩා සේප්පුව රැගෙන ගොස් ඇති බවත් විමර්ශන අංශ කියයි.
අපරාධකරුවන් සම්බන්ධව තොරතුරක් වේ නම් බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති 071-8591646 හෝ බොරලැස්ගමුව පොලිස් ස්ථානය 0112150769 වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
ඇමරිකන් ඩොලර් දස දහස් ගණනක්, රුපියල් පනස් හත් ලක්ෂයක් ඇතුළු කෝටි ගණනක් කොල්ල කෑ අපරාධකරුවන් ගේ වීඩියෝ නිකුත් වේ !#lka #news #SriLanka pic.twitter.com/MLnDAYp5nY
— Ceylon News Factory 🇱🇰 (@CeylonNewsFact) June 14, 2023