මුහුද මැද රික්ටර් මාපක 7.2ක ප්‍රභල භූ කම්පනයක් !

349 Views
0 Min Read

දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දුපතට ආසන්න ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවය.

එය ටොංගා දුපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 280 පමණ කලාපයක් දක්වා දැනී තිබේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවට අමෙරිකානු කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This Article
Leave a comment