උසස් පෙළ ටියුෂන් ගාස්තු නියාමනයට පනතක් ?

307 Views
1 Min Read

උසස් පෙළ උපකාරක පන්ති සඳහා අයකරන මාසික ගාස්තු සහ එම පන්තිවලදී සිදුකරන ලබන ඇතැම් ප්‍රකාශ ඇතුළු කරුණු කිහිපයක් නියාමනය කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

ඒ අනුව උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ අතර, මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ළමයින් එළැඹෙන සැප්තැම්බර් මාසය වනවිට විශ්වවිද්‍යාල සඳහා ඇතුළු කරගැනීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

Share This Article
Leave a comment