2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (25) සමත් වුණා.
ඒ, තරගාවලියේ 15 වැනි තරගයේ දී අයර්ලන්තය පරදා ලකුණු 133 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
ශ්රී ලංකාවට අමතරව ස්කොට්ලන්තය හා ඕමානය ද B කාණ්ඩයෙන් සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගත්තා.
A කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබුවේ සත්කාරක සිම්බාබ්වේ, නෙදර්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්. සුපිරි 6 වටයේ තරග ජූනි 29 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එම වටය යටතේ ශ්රී ලංකාව ක්රීඩා කරන පළමු තරගය ජූනි 30 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ නෙදර්ලන්තයට එරෙහිවයි.
මූලික වටයේ දී ඒ ඒ කණ්ඩායම් කුමන ස්ථානයක් හිමි කර ගත්ත ද (සුපිරි හය වටයට සුදුසුකම් ලැබුවහොත්), A කාණ්ඩයේ පළමු කණ්ඩායම හෙවෙත් A1 ස්ථානය කොදෙව්වන්ටත්, දෙවැනි ස්ථානය (A2) සිම්බාබ්වේ කණ්ඩායමටත් හිමි වන බව අයි.සී.සීය නිවේදනය කර තිබුණා.
ඊට අනුව B කාණ්ඩයේ පළමු කණ්ඩායම හෙවෙත් B1 ස්ථානය ශ්රී ලංකාවටත්, දෙවැනි ස්ථානය(B2) අයර්ලන්තයටත් හිමිව තිබුණා. කෙසේ වෙතත්, අයර්ලන්තය සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගත්තේ නැහැ.
සුපිරි 6 වටයේ ශ්රී ලංකා තරග කාලසටහන
- Friday, 30 June Super 6: Netherlands (A3) v Sri Lanka (B1), Queen’s Sports Club, Bulawayo
- Sunday, 2 July Super 6: Zimbabwe (A2) v Sri Lanka (B1), Queen’s Sports Club, Bulawayo
- Friday, 07 July Super Six: West Indies (A1) v Sri Lanka (B1), Harare Sports Club