යාපනයේ ගිනිගත් සැප බස් රිය කෝටි තුන හමාරක රක්ෂණ මුදල ගන්න කරපු සැලසුමක් !

562 Views
2 Min Read

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් ජූනි මස 30 වෙනිදා ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වූයේ එහි අයිතිකරු විසින් බස් රථය සඳහා ඇති රුපියල් කෝටි තුනක මුදලක් රක්ෂණාවරණය ලබා ගැනීම සදහා ක්‍රියාත්මක කරණ ලද සූක්ෂම ක්‍රියාවකින් බවට තොරතුරු හෙළි වී තිබේ.

මෙම බස් රථය ගිනි ගැනීමට දින කීපයකට පෙර එම බස් රථය කොළඹ සිට යාපනයට පැමිණි අවස්ථාවේදී යාපනයේ ඉලුප්පයාඩි හන්දියේ පිහිටි ගරාජයකට දමා එහි ඉතා වටිනා කොටස් හා උපකරණද තවත් මෙවලම් කීපයක්ද ගලවා දමා ඇති බවට සාක්කි ලැබී තිබේ.

එම කොටස් සියල්ලම එම ගරාජයේ ගබඩා කාමරයකට දමා වසා ඊට අගුල් දමා ඇති බවත් බස් රථයට අමතර මෙවලමක් සවි කොට එහි එන්ජිම අධික ලෙස රත්වීමත් සමගම ගිණි ගන්නා අන්දමට සකස් කොට තිබූ බවත් මේ වන විට හෙළි වී තිබේ.

ගිණිගත් බස් රථය යාපනයේ සිට පුත්තලම මදුරන්කුලිය දක්වා පැමිණ ඇති අතර පුත්තලමේදී තේ පානය කිරිමට බස් රථය නතර කරණ විට එහි කිසිම දෝෂයක් පෙනෙන්නට නොති බූ බව බොහෝ දෙනෙකු පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

බස් රථය එකවරටම ගිණි ගැනීම නිසා ඇති වූ සැකයක් මත පොලිසිය හා මෝටර් රථ පරීක්ෂකවරු විසින් සිදු කරන ලද පරීක්ෂණයකදී බස් රථය සදහා ඇති රුපියල් කෝටි තුනක රක්ෂණාවරණය ලබා ගැනීම සදහා බස් රථය උවමනාවෙන්ම ගිනි ගැනීමට සලස්වා ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

මෙම බස් රථය ගිනි ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු තවමත් හමාර වී නොමැති අතර එම පරීක්ෂණ කටයුතු දිගටම සිදු වෙමින් පවතී.

Share This Article
Leave a comment