එප්පාවල පිහිටි ලංකා රාජ්‍ය පෝස්පේට් සමාගමේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැමිණි අවස්ථාවේ එම ආයතනයේ වංචා දූෂණ කටයුතු සම්බන්ධයෙන් සේවකයින් පිරිසක් හෙළිදරව්වක් සිදු කිරීමට යාමේදී ඇති වූ උණුසුම් තත්වයකදී එහි සේවකයකු විසින් අදාළ වංචා දූෂණ සිදු කළ බවට චෝදනා කරමින් විධායක නිළධාරියකුට අමාත්‍යවරයා ඉදිරියේම අද (17) පහර දීමට කළ උත්සහයක් පොලීසියේ මැදිහත් වීමෙන් ව්‍යාර්ථ වුණා.
කෙසේ නමුත් පහර දීමට කළ උත්සහයෙන් එම විධායක නිළධාරියාගේ කමිසය ඉරි ගොස් තිබුණා.
ලංකා පෝස්පේට් රාජ්‍ය සමාගමට කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවතින අතර කර්මාන්ත රාජ්‍ය අමාත්‍යයවරයා ඒ අනුව ලංකා රාජ්‍ය පෝස්පේට් සමාගමේ තෙවැනි වරටත් නිරීක්ෂණ චාරිකාවක අද (17) නිරත වුණා.
පෝස්පේට් රාජ්‍ය සමාගමට වෙත පැමිණි රාජ්‍යය අමාත්‍යවරයා පිළිගැනීමෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් පැවැත්වුණා.
අනතුරුව අමාත්‍යවරයා ආයතනයේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අතර එහිදී සේවකයින් පෙන්වා දුන්නේ ආයතනයට අවශ්‍යය නොවන වර්ගයේ ඇඹරුම් යන්ත්‍ර අමතර කොටසක් (ගියර් බොක්ස් එකක්) ගෙන්වීමෙන් ආයතනයට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති බවයි.
අදාළ අමතර කොටස භාවිතයට ගත නොහැකි බැවින් නැවත මාරු කිරීමටද කටයුතු කර නැති බවට ඔවුන් අමාත්යයවරාට පෙන්වා දුන්නා.
එහිදී උණුසුම් තත්වයක් ඇති වුණා. සිදුවිමට අදාළ වීඩියෝ දර්ශන පහතින්,