Ceylon Tea නැවත ලෝකයට ගෙන ගිය ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි !

364 Views
1 Min Read

මෙරට ප්‍රධාන පෙලේ තේ නිෂ්පාදන මෙන්ම අපනයන සමාගමක් වන ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී මියයන විට ඔහු 93 වියේ පසුවුණා.

1930 වසරේ මිගමුව පල්ලන්සේන ප්‍රදේශයේ උපත ලැබු මෙරිල් ජේ ප්‍රනාන්දු, 1985 වසරේදී ඩිල්මා සමාගම පිහිට වු අතර එහි නිෂ්පාදය කරනු ලබන මෙරට තේ මේ වන විට රටවල් සියයකට අධික සංඛ්‍යාවකට අපනයනය කරනු ලබනවා.

මෙරට තේ සහ ශ්‍රී ලංකා සන්නාමය ලොවට රැගෙන යාමේ පුරෝගාමියෙකු වූ මෙරිල් ජේ ප්‍රනාන්දුගේ දේහය හෙට උදැසන 08 සිට මහජන ගෞරවය සදහා කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතයි.

Share This Article
Leave a comment