කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ගොඩනැගිලි 10ක අකුණු සන්නායක සොරකම් කරලා !

400 Views
1 Min Read

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ගොඩනැගිලි 10ක සවිකර තිබූ ලක්ෂ 65ක් වටිනා තඹ අකුණු සන්නායක සොරකම් කරගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

එම විශ්විද්‍යාල පාලන අධිකාරිය බොරලැස්ගමුව පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ අකුණ සන්නායක සොරකම සම්බන්ධ පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කටයුතු කිරීමට විමර්ශන අංශ සුදානම් බවද සඳහන්.

මෙය රෝහල ඇතුළෙන්ම සිදුකළ සොරකමක් දැයි විමර්ශන අංශවල අවධානය යොමුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Share This Article
Leave a comment