තවත් මවක් සහ සිඟිති දියණියක් අතුරුදන් !

258 Views
1 Min Read

මහරගම, පතිරගොඩ විහාරවත්ත පාරේ පදිංචි මවක් සහ දියණියක් අතුරුදන්ව තිබෙනවා.

අදාළ කාන්තාවගේ සැමියා විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 23 හැවිරිදි මවක හා අවුරුදු 3 ක් වයසැති දියණියක් බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් සැමියා සේවය නිම වී නිවසට පැමිණෙන විට අදාළ කාන්තාව හා දරුවා නිවසේ නොසිටි බවත් සිදු කළ සොයා බැලීම්වලදී මොවුන් පිළිබඳ තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වු බවත් සැමියා පොලිසියට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මහරගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Share This Article
Leave a comment