රියදුරු බලපත්‍ර මුද්‍රණයෙන් යුධ හමුදාව ඉවතට !

427 Views
1 Min Read

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සැප්තැම්බර් 01 වැනිදා සිට නැවතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

2020 වසරේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා තිබුණ බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ.

කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයේ සිට කැබිනට් අමාත්‍යවරුන්ගේ උපදෙස් මත එම කටයුතු දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බව ඔහු සඳහන් කළා.

දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිලධාරීන් මේ වන විට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පිළිබඳ පුහුණුව ලබමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Share This Article
Leave a comment