අංගොඩ මානසික රෝහලේ දී මියගිය රෝගියාගේ මරණය ඝාතනයක් – දෙදෙනෙක් අත්අඩංගුවට !

669 Views
1 Min Read

බිරිඳ මිය යාමෙන් පසු 11 හැවිරිදි දරුවා සමග තනි වීමෙන් අනතුරුව මානසික ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටි 47 හැවිරිදි පෞද්ගලික ආයතනයක කළමනාකරු අංගොඩ මානසික රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ මිය යාම සම්බන්ධයෙන් සැකපිට එම මානසික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහයකයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයාට පහර දීමට යොදා ගත් බවට සැක කරන දෙකට වෙන් වූ කොසු මිටක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මෙලෙස සැක සහිත අයුරින් මියගොස් තිබුණේ පාදුක්ක වටරැක සමනලතැන්න පදිංචිව සිටි එක් දරු පියෙක්.

මීට සතියකට පමණ එහි ඉහත දී පවුලේ ඥාතීන් විසින් මියගිය පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබූ බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයා 25වෙනි දින නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඔහුව පාලනය කිරීම යාමේදී බිම ඇද වැටුණු බව රෝහල් සේවකයන් විසින් පවසා තිබූ බවයි.

අදාළ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පවත්වා තිබෙනවා.

Share This Article
Leave a comment