ළමා නිවාසයේ දැරියන් අපයෝජනය කළ පුද්ගලයෙක් වස බී මියයයි !

387 Views
1 Min Read

අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ සිටි ගැහැනු ළමයින් 09 දෙනකු අපයෝජනය කළේ යැයි කියන පුද්ගලයෙකු වස පානය කර මිය ගොස් තිබෙනවා.

අදාළ සැකකරු යෝග ව්‍යායාම පුහුණු කරන මුවාවෙන් මෙසේ දරුවන් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වන විවාහක පුද්ගලයෙක්.

කෙසේ වෙතත් අපයෝජන සිදුවීමට අදාළව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් විභාග කෙරෙන නඩු 9ක ප්‍රධාන විත්තිකරු වී ඇත්තේ මෙම තැනැත්තායි.

උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ කළමනාකාරවරයා ලෙසද ඔහු සේවය කර ඇති අතර විවිධ අපරාධ චෝදනා එල්ල වීම හේතුවෙන් ඔහු එම තනතුරෙන් නෙරපා හැර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ළමා අපයෝජන නඩු 9ට අමතරව මොහුට එරෙහිව තවත් විවිධ අපරාධ චෝදනාවලට සම්බන්ධ නඩු 5ක් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

Share This Article
Leave a comment