ඉන්ධන පිරවුම්හලක පිපිරීමකින් 30ක් මරුට !

278 Views
1 Min Read

දකුණු රුසියාවේ ඩැගෙස්තාන් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමකින් සහ ගින්නකින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මොස්කව් සිට කිලෝමීටර් 1,600 දුරින් කැස්පියන් මුහුදේ වෙරළ තීරයේ පිහිටා ඇති ප්‍රාදේශීය අගනුවර වන මකාලා (Makhachkala) හි පිපිරීම සිදුවී ඇත.

ගින්න දේශීය වේලාවෙන් රාත්‍රී 9.40ට පමණ සිදු වී ඇත. සිද්ධියෙන් තවත් පුද්ගලයන් දුසිම් ගනනක් තුවාල ලබා ඇති අතර, එයට නිශ්චිත හේතුව තවමත් පැහැදිලි නැත.

හදිසි සේවකයින් 260 ක් පමණ යොදවා ඇති අතර බරපතළ තුවාල ලැබූවන් මොස්කව් වෙත රැගෙන යාම සඳහා ගුවන් යානයක් ද යොදවා ඇති බව හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසයි.

රුසියාවේ ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වෛද්‍යවරුන් උපුටා දක්වමින් කියා සිටියේ මියගිය අය අතර ළමුන් තිදෙනෙකු සිටින බවයි.

ගින්න වර්ග මීටර් 600 (වර්ග අඩි 6,460) ක ප්‍රදේශයක් පුරා පැතිර ගොස් ඇති අතර තවදුරටත් පිපිරීම් ඇතිවීමේ අවදානමක් පවතින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

රුසියානු පුවත්පතක් වන Izvestia විසින් උපුටා දක්වන ලද නම සඳහන් නොකළ සාක්ෂිකරුවෙක් පැවසුවේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට මෝටර් රථ බිම් කොටසක ගින්න හටගෙන ඇති බවයි.

රුසියාවේ විමර්ශන කමිටුව පැවසුවේ කිසියම් මෝටර් රථ නඩත්තු කටයුත්තක් අතරතුර ගින්න හටගෙන ඇති අතර එයින් “පිපිරීමක්” ඇති වූ බවයි.

Share This Article
Leave a comment