නිමල් ලන්සාගෙන් පොහොට්ටුවට ප්‍රහාරයක් !

320 Views
1 Min Read

පොහොට්ටුවේ ඉන්නේ දෙබිඩ්ඩන් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

13වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර සියල්ලන්ටම පිළිගත හැකි විසඳුමක් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කරද්දී 13ටත් එහා ගිය විසඳුමක් ලබා දීමට එකඟ වූ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ සිටින පොහොට්ටුවට මේ අවස්ථාවේ දී ජනාධිපතිවරයාට විරුද්ධ වීම සඳහා කිසිම සදාචාරාත්මක අයිතියක් නැති බව නිමල් ලන්සා කියයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් රටේ සියලු ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමට යාමේදී ඒ සඳහා විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සදාචාරාත්මක අයිතියක් නොමැත.

13 ට එහා ගිය බලය බෙදීමේ විසඳුමකට වුවද එළඹීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දැනටත් අන්තර්ගත වන අතර ඒ යටතේ රටේ සියලු ජනතාවට පිළිගත හැකි බලය බෙදීමකට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියළු දේශපාලන පක්ෂවල අදහස් ලබාගනිමින් ක්‍රියාත්මක කිරීමට යාමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනුයේ ඔවුන්ගේ “දෙබිඩි පිළිවෙත” රට ඉදිරියේ ප්‍රදර්ශනය කරමිනි.

Share This Article
Leave a comment