දහම් පාසල් චාරිකාවක දී බස් රථයේ ජනේලයෙන් හිස දැමූ සිසුවෙකුගේ හිස විදුලි කණුවක ගැටී සිසුවා මිය යයි !

366 Views
2 Min Read

බිංගිරිය, කඩිගමුව ප්‍රදේශයේ දහම් පාසලක් විසින් සංවිධානය කර තිබූ චාරිකාවක් අතර බස් රථයෙන් හිස එළියට දමාගෙන පැමිණි සිසුවෙකුගේ හිස විදුලි කණුවක වැදී මිය ගොස් තිබේ. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

උණවටුණ සාම චෛත්‍ය නැරඹිම සදහා බිංගිරිය, කඩිගමුව ප්‍රදේශයේ දහම්පාසල් සිසු දරු දැරියන් කණ්ඩායමක් බස්රථ දෙකකින් ගමන් කරමින් සිට ඇත.

එම ගමනේදී එක් බස්රථයක සිටි සිසුවකු බොවිස්ටි මාර්ගයේ දි බස්රථයේ විදුරුවෙන් හිස එළියට දමා තිබේ.

එම අවස්ථාවේ දි හිස විදුලි කණුවක වැදිමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඊයේ (20) පස්වරුවේ දි මියගොස් ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ. ඒ.එම්. අශාන් ප්‍රභාත් (16) නැමති කුලියාපිටිය, බිංගිරිය ඉහලකඩිගමුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

බිංගිරිය, කඩිගමුව ශ්‍රි ස්වර්ණපාලි දහම්පාසලේ සිසු දරු දැරියන් 116 දෙනෙකු බස්රථ දෙකකින් විනෝද ගමනක් සදහා ගාල්ල ප්‍රදේශයට පැමිණ ඇත.

ගාල්ල ප්‍රදේශයට පැමිණිමට පෙර මොවුන් ත්‍රිකුණාමල ප්‍රදේශයේ ද සංචාරය කොට ඇති බැව් පොලිසිය පවසයි.

උණවටුන සාම චෛත්‍ය නැරඹිම සදහා මෙම සිසුන් කණ්ඩායම බස්රථ දෙකකින් උණවටුණ බොනවිස්ටි මාර්ගයේ ගමන් කරමින් සිට ඇත.

බොනවිස්ටා පාසල ආසන්නයේ දි ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදිම සඳහා එක් බස්රථයක් මාර්ගයේ අයිනට ගැනිමේ දි එම බසයේ පිටුපස අසුනේ සිටි මෙම පාසල් සිසුවා විදුරුවෙන් හිස එළියට දමා පිටුපස බලා ඇත. එහිදී විදුලි කණුවක වැදි ඇත.

අනතුරෙන් තුවාල ලැබු පාසල් සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට සුළු මෙහොතකින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

බස් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතිව තිබුණි.

Share This Article
Leave a comment