අලුත්කඩේ සිවිල් අභියාචනාධිකරණයේ ගින්නක් හට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවයි.
ආරක්ෂක නිලධාරියා ඒ පිළිබඳව කෙසෙල්වත්ත පොලිසිය දැනුවත් කිරීමෙන් පසු ගිනි නිවීමේ රථ පැමිණ ගින්න නිවා දමා තිබුණා.
ඒ සඳහා යොදා ගත් සේවා රථ සංඛ්‍යාව 3ක්.
ගින්නෙන් අධිකරණයේ දේපලවලට කිසිඳු හානියක් සිදු වී නොමැති බව පොලිසිය සඳහන් කළා.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව අනාවරණය වී තිබෙනවා.