රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ සූදානමක්?

1.2k Views
1 Min Read

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට වූ යෝජනාවක් යහපත් රාජ්‍යකරණය පිළිබඳ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර ඇතැයි කම්කරු අරගලය මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසනවා.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශකළේ මෙවැනි අදහසක්.

‍රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසිකර දායකත්ව විශ්‍රාම වැටුපට යා යුතු බවටයි ඔවුන් යෝජනා කරන්නේ .ඒ වගේම අවුරුදු පහකට වඩා වැඩි සේවා කාලයක් ඇති රාජ්‍ය සේවකයන් සේවක කාර්යක්ෂමතාවය නෑ කියා විශ්‍රාම ගැන්විය යුතු බවටත් ඔවුන් යෝජනා කරනවා. ඒ වගේම යෝජනා කරලා තියෙන්නේ දායකත්ව විශ්‍රාම වැටප් අරමුදලට දේශීය හා විදේශීයව ආයෝජනය කළ හැකි ලෙස සකස් කල යුතු බවටයි. ඒක ඉතාමත්ම අවදානම් වැඩක්. මේගොල්ලෝ ආයෝජනය කරන තැන් අඩුපාඩු වුනොත් සේවකයන්ට මුකුත්ම නැහැ. රාජ්‍ය සේවකයන්ට ඇති නිවාඩු දින 45, 25 දක්වා අඩු කළ යුතු බවටත් ඔවුන් යෝජනා කර තිබෙනවා. මේවා ඔක්කොම යෝජනා කරන්නේ රටේ වැඩිහිටි ජනගහනය වැඩියෙන්ම ඉන්න මොහොතක. ඒ විතරක් නෙමෙයි. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප කපන්න යෝජනා කරන අය පාර්ලිමේන්තුවේ අවුරුදු පහකට පසු විශ්‍රාම වැටුප ගන්නවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන කියන දෙන්නා විශ්‍රාමික ජනාධිපති වැටුප වගේම මන්ත්‍රී වැටුපත් ගන්නවා. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයාටත් මේවා ප්‍රශ්න නෙමෙයි. ජනතාව වහාම මේ තීරණ වලට එරෙහිව පෙළගැසිය යුතුයි.”

Share This Article
Leave a comment