හිස්​වූ සිළුමිණ මුල් පුටුවට නම් තුනක්!

1.4k Views
2 Min Read

චෝදනා රැසක් එල්ල වීම හේතු කොට ගෙන ධර්මන් වික්‍රමරත්න සිළුමිණ කතෘ ධූරයෙන් ඉවත් කිරීමත් සමග මේ වන විට සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය පුරප්පාඩු වී තිබේ.

දැනට එහි වැඩ බැලීමට පත්කොට ඇත්තේ දිනමිණ කතෘවරයා ය.

කෙසේ වෙතත් මේ වන විට සිළුමිණ පුවත්පත බරපතල කඩා වැටීමකට ලක්ව ඇති අතර එය ජාතිවාදී තැනකට තල්ලු වී ඇති බවත්,අලෙවිය අතින් ද පෙර නොවූ විරූ තරම් පහළකට කඩා වැටී ඇති බවත් පැවසේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සිළුමිණ පුවත්පතට ප්‍රධාන කර්තෘවරයෙකු පත් කිරීමට තීරණය කොට ඇති අතර ඒ පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡා රැසක් සිදුවී ඇති බව වාර්තාවේ.

ඒ අනුව සිළුමිණ පුවත්පතේ කර්තෘ ධූරය සඳහා නම් තුනක් දැනට යෝජනා වී තිබේ.ඒ රිවිර ප්‍රධාන කතෘවරයා ලෙස කටයුතු කළ උපාලි තෙන්නකෝන්, මව්බිම ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරන චාමින්ද වාරියගොඩ සහ රැස පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ රංජිත් කුමාර සමරකෝන්ය.

උපාලී තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස ප්‍රකට අතර ඔහුගේ අදීන පුවත්පත් භාවිතය හේතු කොටගෙන වරක් මැර ප්‍රහාරයකට ද ලක් විය.

රංජිත් කුමාර සමරකෝන් මෙරට පෙරලිකාර සම්මානනීය පුවත්පතක් ලෙස පැවැති රැස පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ අතර එය මෙරට පුවත්පත් ඉතිහාසයේ නව සලකුණත් තැබීමටද සමත් විය.

චාමින්ද වාරියගොඩ මීට කලකට පෙර සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙසද කටයුතු කර ඇති අතර මේ වනවිට මව්බිම කතෘවරයා ලෙස කටයුතු කරයි.

Share This Article
Leave a comment