ප්රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඔවුන් දෙපළ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ, රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය 27 වනදා රාත්රී බොරලැස්ගමුව පිහිටා ඇති දමිතා අබේරත්නගේ නිවසට තිබෙනවා.
ඒ වනවිත් ඔවුන් දෙදෙනා නිවසින් පිටව ගොස් තිබූ බව සඳහන්.
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවටයි, මොවුන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ.
තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් දමිතා අබේරත්න අපේක්ෂිත ඇප අයදුම් පතක් ඉදිරිපත් කළා.
කෙසේ වෙතත් මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ප්රතික්ෂේප කළ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් නිවසට ගොස් තිබුණා.
එම අවස්ථාවේ දී ඔවුන් නිවසේ නොසිටි අතර දමිතා අබේරත්නගේ මව පමණක් එහි සිටි බව සඳහන්.
ඉන් අනතුරුව පසුදින දහවල් තෙක් නිවස ආසන්නයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැඳි සිටි බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.