පුලුවන්නම් බේර ගන්න, පින් සිද්ධ වෙනවා – රුසියානු යුක්‍රේන යුද්ධයට මැදි වූ ශ්‍ර්‍රී ලාංකිකයෙකුගෙන් සංවේදී හෙළිදරව්වක් (VIDEO)

1.2k Views
1 Min Read

රුසියානු හමුදාවේ සේවය සඳහා පිටත්ව ගොස් මුලාවී අතිශය දුෂ්කරතා විඳින මෙරට ආරක්ෂක අංශවල විශ්‍රාමික සාමාජිකයන් අතරින් තවත් පිරිසක් එම කටුක අත්දැකීම් පිළිබඳ අනාවරණයක් සිදුකරනු ලැබුවා.

මිනිස් ජවාරමට හසුවූ මෙම පිරිස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසය.

මෙය රුසියානු හමුදාවේ රැකියා අපේක්ෂාවෙන් එරටට ගොස් වැග්නර් කුලී හමුදාවේ සේවය කරන්නට සිදුවුණු මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් කිහිපදෙනෙකු මුහුණදුන් ඛේදනීය අත්දැකීම්ය.

මෙම පිරිස එරටට යවා තිබුණේ රුසියානු හමුදාවේ ඉහළ වැටුප්වලින් යුත් රැකියා ඇති බව පවසමිනි.

තමන් රුසියානු හමුදාවේ සේවය සඳහා යොමුකරන බව පැවසුවද, සිදුවූයේ වැග්නර් කුලී හමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවයට යාමට බව ඔවුන් පවසයි.

ඉහළ වැටුපක් මෙන්ම රුසියාවේ ඉඩම් ඇතුළු දේපළද ලබාදෙන බවට මෙරට නියෝජිතයන් පැවසුවත් ඒ කිසිවක් ඉටු නොවූ බවත් මාස කිහිපයකින් තමන්ට වැටුපක් හෝ නොලැබුණු බවත් ඔවුන් පවසයි.

එරට යුද පෙරමුණේ සිටින ශ්‍රී ලාංකීය සෙබළුන් ඔවුන් එරට යුද පෙරමුණේ සිටින දර්ශන පෙළක් ද ලැබී තිබෙනවා.

මෙරට විශ්‍රාමික සෙබළු රැවටූ මෙම ජාවාරම සම්බන්ධයෙන් මෙරට යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරයෙකු ඇතුළු කිහිපදෙනෙකුට චෝදනා එල්ලව අති බවද වාර්තාවේ.

YouTube player
Share This Article
Leave a comment