කාන්තාවන් රවටමින් අන්තර්ජාලයෙන් සිදුකරන අලුත්ම ජාවාරම – මහ මොළකරු කාන්තාවක් !

1.3k Views
1 Min Read

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ පල කරනු ලබන දැන්වීම් මගින් සම්බන්ධ කරගනිමින් සෝයා මීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ඉහළ මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඇයට වරෙන්තු 59 ක් නිකුත් කර තිබූ බව සඳහන් වන අතර ජා-ඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් වශයෙන් සේවයේ යෙදී සිටියදී ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

41 වැනි වියේ පසු වන ඇය කඩවත, සූරියගම ප්‍රදේශයේ ස්ථිර වශයෙන් පදිංචිව සිට කුලී පදනම මත ලබාගත් නුගේගොඩ නාවල පාර නිවසේ සිට මෙම මහා පරිමාණ වංචාව සිදුකර ඇති බව පොලිසිය පවසන්නේ.

මෙම ව්‍යාපාරය පිරමීඩ ක්‍රමයට පවත්වාගෙන යන එකක් බවට විශේෂයෙන් හඳුන්වා දී ඇති බවත් එම ක්‍රමය අනුව ඉහළින් සිටින පුද්ගලයාට වැඩියෙන් මුදල් ලැබෙන බව පවසා මෙම සෝයා නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා භාරදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Share This Article
Leave a comment